ස්වෝත්සාහය (Self-Help)
ස්වෝත්සාහය (Self-Help) — Samuel Smiles
අපි දකින්නේ බොහෝවිට මිනිසුන්ගේ ජයග්‍රහණයයි. ඒ තැනට එන්න කලින් ඔවුන් කොපමණ වාරයක් අසාර්ථක වුණාද, කොපමණ කාලයක් මහන්සි වුණාද කියන කතාව අපට ඇහෙන්නේ අඩුවෙන්.
“ස්වෝත්සාහය” කියවද්දී හමුවන්නේ ඒ කතාවයි.
ඉගෙනීමට පහසුකම් නොතිබුණු අය දැනුම සොයාගත් හැටිත්, අත්හදා බැලීම් නැවත නැවත වැරදුණත් තම වැඩ අත්නොහැරිය නිපැයුම්කරුවන් ගැනත්, කවුරුත් හඳුනා නොගත් කාලයේ පවා තම ශිල්පය පුහුණු කළ කලාකරුවන් ගැනත් මෙහි කියැවෙනවා. ඔවුන් ඉදිරියට ගිය හැටි දැනගන්නා විට, අපේම වැඩ අතරමඟ නතර වෙන්නේ ඇයි කියාත් සිතා බලන්න හිතෙනවා.
සැමුවෙල් ස්මයිල්ස්ගේ Self-Help කෘතියේ සිංහල පරිවර්තනය වන මේ පොත, උත්සාහය ගැන පමණක් කතා කරන එකක් නොවෙයි. මුදල් පාවිච්චි කරන හැටි, කාලයෙන් වැඩ ගන්නා හැටි, තනිවම ඉගෙනගැනීම සහ විශ්වාසය තැබිය හැකි මිනිසකු වීම ගැනත් එහි අවධානය යොමු වෙනවා.
ඔබ කාලයක් තිස්සේ කරන්න හිතාගෙන ඉන්න වැඩක් තිබෙනවා නම්, නැත්නම් පටන්ගෙන අත්හැරිය දෙයක් තිබෙනවා නම්, මේ පොතේ සමහර ජීවිත කතා ඔබට ළඟින් දැනෙන්න පුළුවන්. ඒ මිනිසුන්ටත් බාධා තිබුණා. ඔවුන් ඒවාට මුහුණ දුන්නේ කොහොමද කියන එකයි කියවා බලන්න වටින්නේ.
"ස්වෝත්සාහය (Self-Help)" පිළිබඳව

තුමති ප්‍රකාශනයක් වන මෙම කෘතිය, පාඨකයාගේ ඥානය හා ජීවිතාවබෝධය පුළුල් කිරීම උදෙසා නිර්මාණය කර ඇත. සියලුම ඩිජිටල් උපාංග මගින් පහසුවෙන් පරිශීලනය කළ හැක.